Department of Industry

Uva provincial Council

පසුබිම

2006 වර්ෂයට පෙර ඌව පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුව හා කර්මාන්ත දෙපාර්තමේන්තුතු ලෙස දෙපාර්තමේන්තු දෙකක් පැවතුනි. 2006 වර්ෂයේදී ඌව පළාත් සභාවේ තීරණයක් ලෙස මෙම දෙපාර්තමේන්තු දෙක ඒ්කාබද්ධ කර ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව ලෙස නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරන ලදී. පූර්ව දෙපාර්තමේන්තු විසින් සිදු කරන ලද  සියළු කාර්යභාරයන් සහ සේවාවන් නව දෙපාර්තමේන්තුව වෙත පැවරිනි.

නව දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීමේ ප්‍රධාන පරමාර්ථය වූයේ ඌව පළාතේ තරුණ ප්‍රජාව පාදක කර ගනිමින් වෘත්තීය අධ්‍යාපනය ලබා දීම තුලින් ඔවුන් රැකියාගත කිරීමත් ‌අත්යන්ත්‍ර රෙදිපිළි, ගෘහ භාණ්ඩ ඇතුළු භාණ්ඩ නිෂ්පාදනය හා අලෙවිය තුළින් පළාත් සභාවේ ආදායම වර්ධනය කිරීමත්ය.

ඒ් අනුව පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුව සතු පේෂකර්ම මධ්‍යස්ථාන සහ කර්මාන්ත දෙපාර්තම්න්තුව සතු වඩු පුහුණු මධ්‍යස්ථාන, ලුහු ඉංජිනේරු පුහුණු මධ්‍යස්ථාන, රතු මැටි, කොහු ආශ්‍රිත නිෂ්පාදන, වේවැල් ආශ්‍රිත නිෂ්පාදන මධ්‍යස්ථානද  මෙම දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදී.