තරුණ තරුණියන් සඳහා අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ නිපුණතා පුහුණු වැඩසටහන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු: ඌව පළාතේ තරුණ තරුණියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ නවීන තාක්ෂණය ඔස්සේ ගෝලීය වෙළඳපල ජය ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. වර්තමාන රැකියා වෙළඳපලේ පවතින ඉහළ ඉල්ලුම සලකා බලා මෙම පාඨමාලාවන් පූර්ණ ප්‍රායෝගික පුහුණුව සහිතව නොමිලේ පැවැත්වේ. පුහුණු ක්ෂේත්‍ර: ග්‍රැෆික් නිර්මාණකරණය...
ශ්‍රී ලංකාවේ පාරම්පරික බතික් කලාව ආරක්ෂා කරමින්, එය නවීන ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ ඌව පළාතේ කාන්තාවන් සහ තරුණ පරපුර ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණයි. සාම්ප්‍රදායික දැනුම සහ නවීන තාක්ෂණය මුසු කරමින්, මෙම පාඨමාලාව පූර්ණ ප්‍රායෝගික පුහුණුව සහිතව සහන පදනම මත පැවැත්වේ. පුහුණු ක්ෂේත්‍ර: බතික් නිර්මාණකරණය (Batik Designing): විවිධ බතික් මෝස්තර...
ඌව පළාතේ කාර්මික අංශය නවීකරණය කිරීම සහ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය. මෙම වැඩසටහන යටතේ, පළාත තුළ ලියාපදිංචි වී දැනටමත් සාර්ථකව කර්මාන්තයක නියැලෙන හෝ නව ව්‍යවසායකයෙකු ලෙස ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලයින් සඳහා 50% ක රාජ්‍ය දායකත්වයක් සහිතව අවශ්‍ය...


