50% ප්‍රතිලාභි දායකත්වය යටතේ උපකරණ ලබා දීම
ඌව පළාතේ කාර්මික අංශය නවීකරණය කිරීම සහ නිෂ්පාදන ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකිය.
මෙම වැඩසටහන යටතේ, පළාත තුළ ලියාපදිංචි වී දැනටමත් සාර්ථකව කර්මාන්තයක නියැලෙන හෝ නව ව්‍යවසායකයෙකු ලෙස ආරම්භ කිරීමට අපේක්ෂිත පුද්ගලයින් සඳහා 50% ක රාජ්‍ය දායකත්වයක් සහිතව අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහ උපකරණ ලබා දීමට කටයුතු කරනු ලැබේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු:
තාක්ෂණික නවීකරණය: සාම්ප්‍රදායික කර්මාන්ත සඳහා නවීන තාක්ෂණය හඳුන්වා දීම.
ව්‍යවසායකත්ව දිරිගැන්වීම: ඌව පළාතේ තරුණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) දිරිමත් කිරීම.
අගය එකතු කළ නිෂ්පාදන: අපනයන වෙළඳපල ඉලක්ක කරගත් අගය එකතු කළ නිෂ්පාදන දිරිගැන්වීම.
රැකියා උත්පාදනය: පළාත තුළ නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම හරහා ප්‍රාදේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු:
අගය එකතු කළ තේ සහ කුළුබඩු සැකසුම් කර්මාන්ත.
ආහාර පාන හා කෘෂි සැකසුම් කර්මාන්ත.
ඇඟලුම් සහ හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය.
පරිසර හිතකාමී ඇසුරුම්කරණ නිෂ්පාදන.
- වෙනත්