ඌව පළාතේ තරුණ තරුණියන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සහ නවීන තාක්ෂණය ඔස්සේ ගෝලීය වෙළඳපල ජය ගැනීමට අවස්ථාව සලසා දීම මෙහි ප්‍රධාන අරමුණයි. වර්තමාන රැකියා වෙළඳපලේ පවතින ඉහළ ඉල්ලුම සලකා බලා මෙම පාඨමාලාවන් පූර්ණ ප්‍රායෝගික පුහුණුව සහිතව නොමිලේ පැවැත්වේ.
ග්‍රැෆික් නිර්මාණකරණය (Graphic Designing): වෘත්තීය මට්ටමේ ලාංඡන (Logos), සමාජ මාධ්‍ය පෝස්ටර් සහ වෙළඳ දැන්වීම් නිර්මාණය කිරීමේ කලාව.
වීඩියෝ සංස්කරණය (Video Editing): YouTube, TikTok සහ ව්‍යාපාරික ප්‍රවර්ධන සඳහා උසස් තත්ත්වයේ වීඩියෝ සංස්කරණය කිරීමේ තාක්ෂණය.
වෙබ් අඩවි නිර්මාණය (Web Designing): කේතකරණය (Coding) රහිතව සහ සහිතව වෘත්තීය මට්ටමේ වෙබ් අඩවි නිර්මාණය කිරීමේ ක්‍රමවේද.
ඩිජිටල් ව්‍යවසායකත්වය (Freelancing): Fiverr, Upwork වැනි ජාත්‍යන්තර වේදිකා හරහා සහ නිවැරදි ඩිජිටල් අලෙවිකරණ (Digital Marketing) උපක්‍රම මගින් විදේශ විනිමය ඉපයීම.
ප්‍රායෝගික පුහුණුව: සිද්ධාන්තවලට වඩා ප්‍රායෝගිකව ව්‍යාපෘති සිදුකිරීමට අවස්ථාව ලබාදීම.
ගෝලීය වෙළඳපල ප්‍රවේශය: ලංකාවේ සිට ලෝකය පුරා සිටින සේවාදායකයින් සමග ගනුදෙනු කරන ආකාරය ඉගැන්වීම.
රාජ්‍ය පිළිගැනීම: පාඨමාලාව සාර්ථකව නිමකරන අය සඳහා වටිනා සහතික පත්‍රයක් පිරිනැමීම.
ඌව පළාතේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.
අවුරුදු 18 – 35 අතර වයස් සීමාවක පසුවීම.
පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුමක් තිබීම.
අන්තර්ජාලය හරහා ව්‍යවසායකයෙකු වීමට ඇති දැඩි කැපවීම.
මෙම අවස්ථාව සීමිත පිරිසකට පමණක් විවෘත වන බැවින්, ඔබගේ අයදුම්පත පහත form හරහා හෝ ඔබේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කර්මාන්ත සංවර්ධන නිලධාරී හමුවී ලබාගත හැක.