දැක්ම
රටම පිළිගත් කර්මාන්තකරුවන් බිහි කරන ඌව පළාතේ ප්‍රමුඛයා
මෙහෙවර
පළාතේ කර්මාන්තකරණයේ නියැලෙන්නන් හා කර්මාන්තකරුවන් බවට පත්වීමට බලාපොරොත්තුවන්නන් සඳහා තාක්ෂණික, වෘත්තීය පුහුණුව හා වෙනත් සේවාවන් සාධාරණ හා ප්‍රශස්ථ ආකාරයට පවත්වාගෙන යාම තුළින් කර්මාන්ත අංශයේ නිෂ්පාදන දායකත්වයක් ඉහළ නංවා පළාතේ ජනතාවගේ ආදායම් තත්ත්වය වර්ධනය කර සමස්ථ ආර්ථිකය වර්ධනය කිරිමට දායකවීම.
නවතම පුවත්
-
ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන ඇල්ල ව්‍යවසාය අලෙවි ප්‍රදර්ශනය 2021.12.26 හා 27 දෙදින පෙ.ව. 10.00 සිට රාත්‍රී 10.00 දක්වා ඇල්ල නගරයේදී පැවැත්වේ. එම අලෙවි ප්‍රදර්ශනයේදී ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජංගම අලෙවි රථය මගින් අත්යන්ත්‍ර රෙදිපිළි අලෙවිය සිදු කෙරේ.
ඔබ සැමට ආරාධනා...! -
ඌව පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පවත්වන අත්යන්ත්‍ර රෙදිපිළ ජංගම අලෙවිසැල 2021.12.20 දින ලුණුගල ප්‍රාදේශීල ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ. ඉතා උසස් තත්වයෙන් නිෂ්පාදනය කරන ලද සාරි වර්ග, ඇඳ රෙදි, මේස රෙදි, තිර රෙදි, සරොම්, තුවා ඇතුළු නිෂ්පාදන රාශියක් මිලදී ගැනීමට ඔබට මෙය මහගු අවස්ථාවකි. රාජ්‍ය සේවකයින්ට ණය සහන පදනම මත වාරික ගෙවීමේ ක්‍රමයටද මිලදී ගත හැක.